ශ්‍රී ලංකා පොලිසියට අයි.සී.සී.යෙන් විශේෂ පුහුණුවක්

ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පොලිසියට අයි.සී.සී.යෙන් විශේෂ පුහුණුවක්

National Cricket

81

මේ දින වල මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය අතරතුර මුදලට තරග පාවාදීමට පොළඹවා ගැනීමක් සම්බන්ධයෙන් ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු සහ වත්මන් තේරීම් කමිටු සභාපති උපුල් තරංග සහ නවසීලන්ත හිටපු ක්‍රීඩක නීල් බෘක් මුදලට තරග පාවාදීම වෙනුවෙන් පොළඹවා ගැනීමට ගනු ලැබූ උත්සාහයක් සම්බන්ධයෙන් මෙලෙස අදාළ ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඉන්දීය ජාතික ක්‍රිකට් කළමණාකාරුවකු සහ ඔහුගේ සහායකයා විසින් උපුල් තරංග සහ  නීල් බෘක්ට මුදලට තරග පාවාදීම සඳහා ඇරයුමක් සිදු කර ඇති බවට මෙහි දී චෝදනා එල්ල වී තිබේ. 

එසේම අදාළ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ විමර්ෂණ ඒකකය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකය වෙත ද පැමිණිලි කිරීමට කටයුතු කර ඇත. 

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකය මගින් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති අතර අදාළ චූදින ක්‍රිකට් කළමණාකරුවාට සහ ඔහුගේ සහායකයාට මෙරටින් පිටවීම තහනම් කරමින් අධිකරණ තීන්දුවක් ලබාදී ඇති බව ද දැනගන්නට ඇත. 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකය වෙත විශේෂ පුහුණුවක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානමින් පසුවන බව වාර්තා වේ. ඉදිරි මාස කිහිපය ඇතුළත ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකයේ නිලධාරීන් වෙත ඩුබායි නුවරදී මෙම පුහුණුව ලබා දීමට මේ වන විටත් සැළසුම් සකස් කර ඇති බවද සඳහන්.