2026 විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාවට.

2026 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

International Cricket

106

2026 වසරේදී පැවැත්වීමට නියමිතව ඇති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගියදා නිවේදනය කළේය. එසේම ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාවටද සම සත්කාරකත්වය හිමිව ඇත. 

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2026 විස්සයි-20 ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගන්නා බවත් අයි.සී.සී.ය නිකුත් කර තිබූ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබිණි. එසේම පසුගියදා පැවැති අයි.සී.සී. රැස්වීමේදී 2026 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් තෝරා ගන්නා ක්‍රමවේදයට ද අනුමැතිය හිමි වූ බවද අදාළ නිවේදනයේ සඳහන්ය. 

2026 විස්සයි-20 ලෝක කුසලානය සඳහා ද රටවල් 20ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්යාව ඇතුළු රටවල් 12ක් ඊට සෘජුවම සුදුසුකම් ලබා ගන්නා අතර ඉතිරි රටවල් 8 කළාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි මගින් තෝරා ගැනීමට නියතමිව තිබේ.