තීරණාත්මක තෙවන තරගය අදයි.

දිල්ෂාන් මධුසංකට ආබාධයක්

International Cricket

81

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ එක්දින තරගාව්ලියේ තීරණාත්මක තෙවන තරගය  අද (18දා) උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ වන කණ්ඩායම දෙකම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවන නිසා මෙම තරගය ජයගන්නා කණ්ඩායම තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගත හැකි වනු ඇත. ඒ අනුව විස්සයි-20 තරගාවලියෙන් ලද අමිහිරි පරාජයත්, ශ්‍රී ලංකාව එම ජයග්‍රහණය සැමරූ ආකාරයත් හේතුවෙන් හැකි සියලු දේ කිරීමට සූදානමින් සිටීයි.

චැතගොම්හි සහූර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය දිවා කාලයේ පැවැත්වීම හේතුවෙන් මෙම තරගාවලිය පුරා කණ්ඩායම් ද්විත්වයම අපහසුතාවයට පත් වූ සාධකයක් බවට පත් වූ පින්නේ බලපෑම් එල්ල නොවේ. එසේ වුවත් මෙම තරගයේදී ද කාසියේ වාසිය යම් තීරණාත්මක භූමිකාවක් රඟදක්වනු ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. 

එනම් පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් වුව ද උදෑසන කාලයේ වේගපන්දු යවන්නන්ට ලබා ගත හැකි දෝලනයෙන් ආරක්ෂා වීම පළමුව පන්දුවට පහරදෙන කණ්ඩායමට යම් අභියෝගයක් වනු ඇත. ඒ අනුව සුපුරුදු පරිදි මෙම තරගයේදී ද පැතුම් නිස්සංක පෙරටු කොටගත් ශ්‍රී ලංකා පිතිකරණ බලෑණියට මගහැරිය නොහැකි අභියෝගයකට මුහුණදීමට සිදදුවනු ඇත. එසේම මෙම තරගයේදී අවිෂ්ක ප්‍රනාන්දු වෙනුවට කමිදු මෙන්ඩිස්ට අවස්ථාව හිමි වීමේ වැඩි ඉඩක් පවතින බව ද දැනගන්නට තිබේ. නිමා වූ තරග කිහිපයේදීම අවිෂ්ක අසාර්ථක වීම ඊට හේතුවයි. එසේම මෙම තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා මැදපෙල වෙනුවෙන් සධීර සමරවික්‍රමගේ දායකත්වය ද අත්‍යාවශ්‍ය වනු ඇති බව ඒ අනුව පෙනෙන්නට තිබේ. 

එපමණක් නොව වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුසංකට ද මෙම තරගය අහිමි වන බව ක්‍රිකට් ආයතනය ඊයේ (17දා) නිවේදනය කළේය. දෙවැනි තරගය අතරතුර පාදයේ ආබාධයකට ගොදුරු වූ නිසා දිල්ෂාන් මධුසංක ආබාධයෙන් සුවය ලැබීම වෙනුවෙන් පුනුරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කර තිබීම ඊට හේතුවයි. කෙසේ වෙතත් සති කිහිපයක් දිල්ෂාන් මධුසංකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිඨීමට සිදුවනු ඇති බවද දැනගන්නට ඇති අතර මේ නිසාම ඔහුට ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක් අහිමිව ඉඩ ඇති බව සදහන් වේ.

ඒ අනුව දිල්ෂාන් මධුසංක වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න අද අද තරගයට කැදව ඇති බව වාර්ත වේ.

මේ අතර පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට මහත් හිසරදයක් වූ ටන්සිම් හසන් සකීබ්ට ද පාදයේ ආබාධයක් හේතුවෙන් මෙම තරගය අහිමි වන බව සඳහන්ය. එසේම මෙම තරගාවලිය පුරා අසාර්ථක වූ ආරම්භක පිතිකරු ලිතන් දාස් සංචිතයෙන් ඉවත් කිරීමටත් ඒ වෙනුවට ප්‍රවේගකාරී මැදපෙල පිතිකරු ජේකර් අලී කණ්ඩායමට කැඳවීමටත් බංග්ලාදේශ බලධාරීන් කටයුතු කර තිබීම ද විශේෂත්වයකි.