සහෝදර සංග්‍රාමයෙන් රත්තොට කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයට ජය

මාතලේ හින්දු ජාතික විද්‍යාලය සහ රත්තොට කයිකාවල මධ්‍යමහා විද්‍යාලයේ කණ්ඩායම් අතර පලමුවරට පැවැති, සහෝදරත්වයේ සංග්‍රාමය, මහා ක්‍රිකට් තරගයේදී රත්තොට කයිකාවල මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම ලකුණු එකක තියුණු ජයක්.

School Cricket

11275

වසර හතක කාලයක් ක්‍රීඩකයින්ට තහනම් කලාපයක් වූ මාතලේ බර්නාඩ් අලු‍විහාර ක්‍රීඩාංගනය රුපියල් මිලියන 47යි දශම පහක වියදමකින්  නවීකරණයකර විවෘත  කිරීමෙන් අනතුරුව පැවැති පලමු ක්‍රීඩා තරඟය සහෝදරත්වයේ සංග්‍රාමය වේ .රත්තොට  කයිකාවල මධ්‍යමහා විද්‍යාලයත් මාතලේ හින්දු ජාතික  විද්‍යාලයත් අතර පලමුවරට පැවැති, සහෝදරත්වයේ සංග්‍රාමය, මහා ක්‍රිකට් තරගයේදී  රත්තොට  කයිකාවල මධ්‍ය  මහා විද්‍යාල කණ්ඩායම ලකුණු එකක තියුණු ජයක් ජයක් කලහ.

මාතලේ හින්දු මහා විද්‍යාලය ඕවර 49.4 දී සියල්ල දැවී ලකුණු 174 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම තරග කළ රත්තොට කයිකාවල මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම ඕවර 43.3 දි  කඩුලු‍ එකක් අතැතිව ලකුණු 175 ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කළේය . 

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස රත්තොට කයිකාවල මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායමේ අවිශ්ක මල්ලව ජය සංකේත ලැබූ අතර එම විද්‍යාලයේම මෙත්සර ඉමේෂ හොඳම පන්දු රකින්නා ලෙසට සම්මාන ලැබීය . ක්‍රීඩා රාජ්‍ය ඇමති රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මහා ක්‍රිකට් තරඟය පැවැත්වුණි.