බංගලි සමග පළමු තරගයෙන් සිංහයින්ට ජය.

ශ්‍රී ලංකා බංග්ලාදේශ සංචාරයේ ආරම්භක T20I තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයග්‍රහණයක් හිමි විය.

International Cricket

16246

බංගලි සමග පළමු තරගයෙන් සිංහයින්ට ජය


ශ්‍රී ලංකා බංග්ලාදේශ සංචාරයේ ආරම්භක T20I තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයග්‍රහණයක් හිමි විය.


ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළව අද  (4)පැවැති පළමු 20යි - 20 තරගයෙන් ලකුණු 3ක තියුණු ජයග‍්‍රහණයක් හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකි විය. ඒ අනුව තරග 3කින් යුත් 20යි-20 තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වීම කැපී පෙනිණි.  

එම තරගයේදී බංග්ලාදේශ නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 3ක් පමණක් දැවී රැස්කළ ලකුණු 206ට පිළිතුරු සැපැයූ බංග්ලාදේශයට පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 8කට ලබා ගත හැකි වූයේ ලකුණු 202ක් පමණි. 

එම ඉලක්කය හඹා යෑමේදී බංග්ලාදේශ ලකුණු පුවරුව කි‍්‍රයාත්මක වීමටත් මත්තෙන් ලිතන් දාස් පළමු කඩුල්ල ලෙස දවා ගැනීමට ඇන්ජිලෝ මැතිව්ස්ට හැකි විය. සවුම්ය සර්කාර්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 12ක් පමණි. නැවතත් කි‍්‍රයාත්මක වූ මැතිව්ස්, තව්හිඞ් හිර්ඩෝයි ලකුණු 8කට තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කළේය. මතීෂ පතිරණ හමුවේ නජ්මුල් හුසේන් ශැන්ටෝ ලුණු 20කට දැවී ගියේ සිවු වැනි කඩුල්ල ලෙසිනි. කෙසේ වෙතත් මහමුදුල්ලා රියාද් සටන්කාමී ඉනිමක් දියත් කරමින් ලකුණු 54ක් ලබා ගත්තේය. එසේම ජේකර් අලී දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 68ක් ලබා ගත්තේය. මෙහෙදි හසන් ලකුණු 16කට දැවී ගියේය. ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ඇන්ජිලෝ මැතිව්ස්, බිනුර ප‍්‍රනාන්දු සහ දසුන් ශානක කඩුලූ 2 බැගින් බිඳහෙලීය. 

බංග්ලාදේශයේ සිලෙට් ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයා පළමුව ලකුණු රැස්කිරීම සඳහා ශී‍්‍ර ලංකාවට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි ශී‍්‍ර ලංකාවේ ආරම්භක සම්බන්ධතාව ලකුණු 4කට සීමා කරමින් අවිෂ්ක ප‍්‍රනාන්දු ලකුණු 4කට දැවී ගියේ කඩුලූ රකින්නා අතට පහසු උඩපන්දුවක් ලබා දෙමිනි. ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස්ට එක්වූ කමිදු මෙන්ඩිස්ට ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි විය. ඒ අනුව කමිදු ලකුණු 19කට දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව කුසල් සමඟින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක සම්බන්ධතාවයක් ගොඩනැගූ සධීර සමරවික‍්‍රම ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ශක්තිමත් අඩිතාලමක් දැමීම කැපී පෙනිණි. කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස්කර ගත්තේය. සුවිශේෂී පිතිහරඹයක් දියත් කළ සධීර සමරවික‍්‍රම නොදැවී ලකුණු 61ක් රැස්කළ අතර නායකත්වයේ ඉනිමක් දියත් කළ චරිත් අසලංක පන්දු 21ක දී දැවැන්ත හයේ පහර 6ක් සමඟින් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 44කි. 

ලකුණු සාරාංශ 

ශී‍්‍ර  ලංකාව - 206/3 (20* (කුසල් මෙන්ඩිස් 59, සධීර සමරවික‍්‍රම නොදැවී 61, චරිත් අසලංක නොදැවී 44, කමිදු මෙන්ඩිස් 19, ශොරිෆුල් ඉස්ලාම් 47/1, ටස්කින් අහමඞ් 40/1, රිෂාඞ් හුසේන් 32/1

බංග්ලාදේශය - 202/8 (20* (මහමුදුල්ලා රියාද් 54, සවුම්ය සර්කාර් 12, නජ්මුල් හුසේන් 20, ජේකර් අලී 68, ඇන්ජිලෝ මැතිව්ස් 17/2, බිනුර ප‍්‍රනාන්දු 41/2, මතීෂ පතිරණ 41/1 , මහීෂ් තීක්ෂණ 32/1, දසුන් ශානක 36/2*