යූසුප් කුසලානය 2024

19න් පහල පා පන්දු තරගාවලිය මේ දින වල පැවත්වේ.

Club Football

24

තුන්වන වරටත් සංචිධානය කරන ‘යූසුප් කුසලාන‘ 19න් පහළ යොවුන් පාපන්දු ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉදිරියට ගැනීමේ අරමුණින් පැවති පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී පෙරේරදා (3) පැවැති මාලිගාවත්ත යූත් හා කොළඹ පාපන්දු සමාජය අතර තරගයෙන් ගෝල් 4-0ක ජයක් කොළඹ පාපන්දු සමාජය වාර්තා කළ අතර, සෝන්ඩර්ස් හා යංග් සිල්වර් අතර තරගයෙන් සෝන්ඩර්ස් පිල ගෝල් 2-1ක ජයක් වාර්තා කළේය. මෙම ප්‍රතිඵලත් සමඟ  කොළඹ පාපන්දු සමාජය හා සෝන්ඩර්ස් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.
ජාවාලේන් හා මොරගස්මුල්ල අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරගය අද පැවැත්වෙන අතර, වික්ටරි හා රිනවුන් අතර අනෙක් අර්ධ අවසන් පූර්ව වටය හෙට (6) සිටිලීග් පිටියේදී පස්වරු 4ට ආරම්භ වේ.
සිටි ලීග් පිටියේ පැවැති මාලිගාවත්ත යූත් හා කොළඹ පාපන්දු සමාජය අතර තරගයේදී කොළඹ පිලේ යූ. ෂකීල් ගෝල් 2ක්, මොහොමඩ් හම්දී හා මොහොමඩ් නලීර් ගෝලය බැගින් ලබා දක්ෂතා දැක්වූහ.
සෝන්ඩර්ස් හා යංග් සිල්වර් අතර තරගයේ පළමු භාගයේදී සෝන්ඩර්ස් පිල ගෝල් 2-1ක් ලෙස ඉදිරියෙන් සිටි අතර, 8 වැනි මිනිත්තුවේදී ඩබ්ලිව්. වී. නිමාෂ හා  14වැනි මිනිත්තුවේදී එම්. සහීඩි ගෝල් දෙක වාර්තා කළේය. 18 වැනි මිනිත්තුවේදී යංග් සිල්වර් පිලේ මොහොමඩ් හකීම් තම පිල වෙනුවෙන් ගෝලයක් ලබාගත් අතර, අනතුරුව දෙපිලටම ගෝල් වාර්තා කිරීමට නොහැකි විය. අවසන් මොහොත දක්වාම උණුසුම් මුහුණුවරක්ගත් මෙම තරගයේදී යංග් සිල්වර් ක්‍රීඩක මොහොමඩ් ෆසාල්ගේ නීති විරෝධී ක්‍රීඩාව හේතුවෙන් 80 වැනි මිනිත්තුවේදී රතු කාඩ්පත් අවවාදයක් ලබා පිටියෙන් නෙරැපීමට විනිසුරු තීරණය කළේය.
කණ්ඩායම් 16ක් එක්ව සිටින මෙම තරගාවලියේ ජයග්‍රාහී යොවුන් කණ්ඩායමට රුපියල් ලක්ෂ 1.5ක් හා අනු ශූරයින්ට රුපියල් ලක්ෂයක තෑගි මුදලක් පිරිනැමීමට නියමිතව ඇත.