I.C.C පෙබරවාරි මස ක්‍රීඩකයා පැතුම් නිස්සංක

පෙබරවාරි මස ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවෙන් පැතුම් නිස්ස්ංක නිර්දේශ වෙයි.

International Cricket

99

I.C.C(ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය) නිමා වූ පෙබරවාරි මාසයට අදාළව එම මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු වන පැතුම් නිස්සංක නිර්දේශ වී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.
ඊට  පසුගියදා නිමා වූ ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියේදී පැතුම් දැක්වූ  සුපිරි දස්කම් හේතුවෙන් මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබීම ද විශේෂත්වයක් වේ. එම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයෙක් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ද්විත්ව ශතයක් වාර්තා කළ පළමු පිතිකරු බවට පත් වෙමින් පැතුම්ට වාර්තා අතරට එක් වීමට හැකි විය.
තවද  ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරු ලෙසින් ද එම තරගයේ දී පැතුම් වාර්තා අතරට එක් වීමට හැකියාව ලැබුනි.
එම තරගයේදී පැතුම් විසින් බිඳහෙලනු ලැබූයේ ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පිහිටුවා තිබූ වසර 24ක් පැරණි වාර්තාවක් වීමද විශේෂ්ත්වයට තුඩු දුන් කරුණක් වේ.
ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංකට අමතරව නවසීලන්ත නායක කේන් විලියම්සන් සහ ඉන්දීය යොවුන් ආරම්භක පිතිකරු යශෂ්වි ජයිෂ්වාල් ද මෙවර පෙබරවාරි මාසයේ අයි.සී.සී. ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී තිබීම ද කැපී පෙණෙන සිදුවීමක් ලෙස I.C.C වාර්තා අතර සටහන් වී ඇත .