මුරලි හබා යන නෙදන් ලයන්

නවසීලන්තය ඕස්ට්‍රේලියානු තරගයෙන් ඔස්ට්‍රේලියාවට ජයක්.

International Cricket

39

වෙලින්ග්ටන් ක්‍රීඩා පිටියේදී ඊයේ පැවති නවසීලන්තය ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 172ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ඕස්ට්‍රේලියානුවන් සමත් විය.
මෙම තරගයේදී ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවා වන්නට නෙදන් ලයන්ට හැකි විය.ටෙස්ට් පිටියේ විශේෂිත වාර්තා ගොන්න හිමි පන්දු යවන්නගේ සටහනට එක්වීමට ද මෙහිදී නෙදන් ලයන්ට අවස්ථාව ලැබුණි.
ඒ සමගම ලොව ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 9ටම එරෙහිව කඩුලු 5 බැගින් දවා ගත් තෙවැනි ක්‍රීඩකයා බවට පත්වීමට නෙදල් ලයන් එහිදී සමත් වීම කැපී පෙනෙන  විශේෂ්ත්වයක් බවට පත් විය. මින් පෙර ටෙස්ට් ක්‍රීඩා කරන සෑම රටකටම එරෙහිව කඩුලු 5 බැගින් දවා ගනිමින් දස්කම් දක්වා තිබුණේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ ඕස්ට්‍රේලියාවේ ශේන් වෝන් යන දෙදෙනා පමණි.