ආනන්ද-නාලන්ද සුලෝහිත සංග්‍රාමය හෙට සහ අනිද්දා

94 වන ආනන්ද-නාලන්ද මහා ක්‍රිකට් තරගාවලිය හෙට සහ අනිද්දා එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

School Cricket

105

ලංකාවේ ප්‍රමුඛ පෙළේ පසල් ද්විත්වයක් වන ආනන්ද සහ නාලන්ද දෙවිදුහල් අතර වන 94 වැනි සුලෝහිත සංග්‍රාමය  වාර්ෂික ක්‍රිකට් තරගය හෙට (2) සහ අනිද්දා (3) කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත .
සුලෝහිත සංග්‍රාමය 1924 වසරේදී ආරම්භ වූ අතර, මේ දක්වා පැවැති තරග 93න් තර 12ක ජය ලබා තරග ඉතිහාසයේ ඉදිරියෙන් පසුවීමට ආනන්දය සමත්වී ඇත.නාලන්දාව මේ දක්වා ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 7ක් වන අතර අනෙක් තරග සියල් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් ද්විත්වය වන ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ වැඩිම ක්‍රිකට් ක්‍රීඩකයින් සංඛ්‍යාව බිහිකිරීමේ ගෞරවය ද මේ වන විට හිමිකර ගෙන ඇත.
දිවංගත බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මෙහෙයවීමේ ගෞරවය  හිමිකරගත් අතර. මෙරට ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායකයා වූයේද නාලන්දාවෙන් බිහිවූ බන්දුල වර්ණපුර වන අතර, 1996 වසරේ ලෝක කුසලාන ජයග්‍රහණයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ අර්ජුන රණතුංග ආනන්දයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට එක් වූ දක්ශයින් වේ.
නාලන්ද විද්‍යාලය සජිත විතානගේ විසින් මෙහෙයවනු ලබන අතර උප නායක ලෙස මිනෝද් කල්දේරා කටයුතු කරයි. සදෙව් සමරසිංහ, මනුප මන්මිත, රිසිත ජයරත්න, නායක සජිත විතානගේ, උප නායක මිනෝද් කල්දේරා, ඔසඳ පමුදිත, තිසර දෙව්දුණු සහ හසිත් රත්නායක කෙරෙහි නාලන්දාව ඉහළ බලාපොරොත්තු තබා සිටියි.
නාලන්දා පිල මෙවර තරග වාරයේ මේ දක්වා තරග 9කට සහභාගිවූ තරග 2ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව සිටියි. ආනන්ද විද්‍යාලය ඉරුත් ගිම්ෂාන් විසින් මෙහෙයවනු ලබන අතර උප නායක ලෙස ආශිංෂ නයිනායක සහය දක්වයි. කාංචන ද ලිවේරා, කිත්ම විතානපතිරණ,  නායක ඉරුත් ගිම්ෂාන්, උප නායක ආශිංෂ නයිනායක, කවීෂ මෙන්ඩිස්ථ අයේෂ් ශෂිමාල් සහ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දකුණත් වේග පන්දු යවන රුවිෂාන් පෙරේරා යන ක්‍රීඩකයින් කෙරෙහි ඉහළ බාපොරොත්තු තබා ඇත. ආනන්දය මෙවර තරග වාරයේ මේ දක්වා තරග 12කට සහභාගි වී ඇති අතර ඉන් එක් තරගයක් පමණක් ජයගෙන තරග 2ක් පරාජයට පත්ව ඇත.



නාලන්දා විද්‍යාලයීය සංචිතය: සජිත විතානගේ (නායක), මිනෝද් කල්දේරා (උපනායක), සදෙව් සමරසිංහ, තිසර දෙව්දුණු, ඔසඳ පමුදිත, මනුප මන්මිත, රිසත් ජයරත්න, මානස ද සිල්වා, හසිත රත්නායක, නදුල් ජයලත්, සනිතු විජේරත්න, නදුල් ජයලත්, සනිතු විජේරත්න, තහංචි විජේරත්න, රනුග වත්තුහේවා, මිනෙව් පරණවිතාන, තිමත් හේරත්, සත්මිණ සේරසිංහ, පුන්සර රාජකරුණා, කපිල නන්දකුමාර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), මොනිෂාන් කුලරත්නමහතා  (සහාය ක්‍රිකට් භාර ආචාර්ය), ප්‍රසන්න දහනායක මහතා (ප්‍රධාන පුහුණුකරු), පුණ්‍යකාන්ත අබේගුණසේකර මහතා (සහාය පුහුණුකරු)



ආනන්ද විද්‍යාලීය සංචිතය: ඉරුත් ගිම්ෂාන් (නායක), ආශිංෂ නයනායක (උප නායක), කාංචන ද ලිවේරා, දනිඳු සෙල්ලපෙරුම, රුවිෂාන් පෙරේරා, අයේෂ් ශෂිමාල්, කිත්ම විතානපතිරණ, කෙනුල් ද සොයිසා, කවීෂ මෙන්ඩිස්, යසඳු කිරිඇල්ල, දිනාධ අතලගේ,  ලිත්ම පෙරේරා, දනිරු රණසිංහ, මිනග පෙරේරා, රෂාන් දිලක්ෂ, මිහින් මුණසිංහ, සමන් හෙට්ටිආරච්චි මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), වසන්ත ඉන්දික මහතා (සහාය ක්‍රිකට් භාර ආචාර්ය), ජනුදික ශ්‍රියපාල මහතා (ප්‍රධාන පුහුණුකරු), සංජය දේවපුර මහතා (සහාය පුහුණුකරු), රජීව ක්‍රිෂාන් මහතා (සහායපුහුණුකරු)