25 වන ගුවන් හමුදා පාපැදි සවාරිය

73 වන ගුවන් හමුදා සංවත්සරට සමගාමීව පාපැදි සවාරියක්

Other Sports

96

ශ්‍රී ලංකා ගුවන් හමුදා 73 වන සංවත්සරයට සමගාමීව 25 වන වරටත් සංවිධානය කරනුලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 2024 මාර්තු මස 3,4, 5,6 සහ 7 යන දිනයන්හිදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා ප්‍රධාන අනුග්‍රහයකත්වය  "නිපෝන් පේන්ට්” ආයතනය දක්වනු ලබන අතර අබාන්ස් පුද්ගලික සමාගම, මැලිබන් පුද්ගලික සමාගම ලින්ක් නැචුරල් ආයතනය විජය නිෂ්පාදන ආයතන පිපල්ස් ඉන්ෂුරන්ස් ආයතනය හා මහජන බැංකුව අනුග්‍රහකත්වය සපයනු ලබයි.

පාපැදි තරග ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කිරීම හා පාපැදි තරගකරුවන් අතර තරගකාරීත්වය ඇතිකිරීම ගුවන් හමුදා පාපැදි සවාරියේ ප්‍රධාන අරමුණ වන අතර, මෙම තරගය ජාතික පාපැදි සම්මේලනයේ නීතිරීති වලට හා ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව පවත්වනු ලබයි. ගුවන් හමුදා 73 වන සංවත්සරයට සමගාමිව පැවැත්වෙන පාපැදිතරගය සඳහා, ශ්‍රී ලංකවේ ප්‍රමුඛ
පෙලේ පාපැදි තරගකරුවන් 150 කට අධික ප්‍රමාණයක් සහභාගී විමට නියමිතව ඇති අතර විදේශිය පාපැදි තරගකරුවන් ද මෙම පාපැදි තරගය සදහා සහභාගීවීමට නියමිතව ඇත.
පිරිමි පාපැදි සවාරිය
2024 මාර්තු මස 03 වන දින- කොළඹ සිට මහනුවර දක්වා (කි.මි 104ග3)
2024 මාර්තු මස 04 වන දින- මහනුවර සිට පොළොන්නරුව දක්වා (කි.මි 137ග2)
2024 මාර්තු මස 05 වන දින- පොළොන්නරුවේ සිට ත්‍රිකුණාමලය දක්වා (කි.මී 125ග7)
2024 මාර්තු මස 06 වන දින- ත්‍රිකුණාමලය සිට වවිනියාව දක්වා (කි.මී 139ග4)
2024 මාර්තු මස 07 වන දින- වවිනියාව සිට යාපනය දක්වා (කි.මී 147ග4)
තරගාවලියේ සම්පූර්ණ දුර ප්‍රමාණය කි.මී 654 කි.
එසේම 2024 මාර්තු මස 07 වන දින කාන්තාවන් වෙනුවෙන්ද මාන්කුලමි සිට යාපනය දක්වා පාපැදි ධාවන තරඟයක් පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇති අතර එහි දුර ප්‍රමාණය කි.මී. 98 කි.
සමස්ථ තරගයේ ජයග්‍රහණයන් සදහා ලබා දෙන මුදල් ත්‍යාග
1 වන ස්ථානය - රු. 500,000.00
2 වන ස්ථානය - රු. 300,000.00
3 වන ස්ථානය - රු. 200,000.00
4 වන ස්ථානය - රු. 125,000.00
5 වන ස්ථානය - රු. 75,000.00
6 වන ස්ථානය - රු. 50,000.00
7 වන ස්ථානය - රු. 40,000.00
8 වන ස්ථානය - රු. 30,000.00
9 හා 10 වන ස්ථාන - රු. 20,000.00 බැගින්
11,12,13,14 හා 15 වන ස්ථාන - රු. 12,500.00 බැගින්
16,17,18,19ල20ල21ල22ල23ල24 හා 25 වන ස්ථාන රු. 7500.00 බැගින්
සමස්ථ ස්ප්‍රින්ට් ශූරතාවය - රු. 25,000.00
කදු තරනය ජයග්‍රහණ
සමස්ථ කදු ශූරයා - රු. 25,000.00
අදියර 1 කදු ශූරයා - රු. 10,000.00
අදියර 1 කදු ශූරයා - රු. 10,000.00

සමස්ථ තරගයේ දක්ෂතම යොවුන් ක්‍රීඩිකයා (23න් පහළ)
1 වන ස්ථානය - රු. 40,000.00
2 වන ස්ථානය - රු. 20,000.00
අදියර ත්‍යාග
1 වන ස්ථානය - රු. 25,000.00
2 වන ස්ථානය - රු. 15,000.00
3 වන ස්ථානය - රු. 10,000.00
අදියර ස්ප්‍රින්ට් ශූරතාවය - රු. 10,000.00
සමස්ථ කණ්ඩායම් ශුරතාවය
ජයග්‍රාහි කණ්ඩායම - රු. 200,000.00
අනු ශුරතාවය - රු. 125ල000ග00
ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් කාන්තා ක්‍රිඩිකාවන් හට ක්‍රිඩාව සඳහා දිරි දීමක් ලෙස 13 වන වරටත්
පවත්වනු ලබන කාන්තා පාපැදි සවාරියේ ජයග්‍රාහීකාවන් සදහා පහත සදහන් අයුරින් මුදල් ත්‍යාගයන්
හිමිවේ.
අ. සමස්ථ තරගයේ ජයග්‍රහණයන් සදහා ලබා දෙන මුදල් ත්‍යාගයන්
1 වන ස්ථානය - රු. 125,000.00
2 වන ස්ථානය - රු. 80,000.00
3 වන ස්ථානය - රු. 60,000.00
4 වන ස්ථානය - රු. 40,000.00
5 වන ස්ථානය - රු. 25,000.00
6 වන ස්ථානය - රු. 20,000.00
7 වන ස්ථානය - රු. 15,000.00
8ල9 හා 10 වන ස්ථාන - රු. 10,000.00 බැගින්

ආ. සමස්ථ ස්ප්‍රීන්ටිශූරතාවය - රු. 20,000.00
ඇ. කණ්ඩායම් ශූරතාවය
ජයග්‍රාහී කණ්ඩායම - රු. 75,000.00
අනුශූරතාවය - රු. 40,000.00
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා ත්‍යාග ප්‍රධානොත්සවය 2024 මාර්තු මස 07 වන දින
සවස යාපනය මුට්‍රිවෙිලි ක්‍රීඩාංගණයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ
ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.