ශ්‍රී ලංකා ජාතික වූෂූ තරගාවලිය 2024

18 වැනි ජාතික වූෂූ තරගාවලිය මාර්තු මස ඇරැඹෙයි.

Other Sports

50

ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය සංවිධානය කරන 18 වැනි ජාතික වුෂූ තරගාවලිය මාර්තු මස 10, 11, 12 හා 13 යන දිනවලදී මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
මෙහිදී  ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා, යෞවන කටයුතු හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද විශේෂ ආරාධිතයා ලෙස චීන තනාපති චි වෙහොං මහතා ද තරගාවලි ආරම්භක දිනයේදී පැමිනීමට නියමිතව ඇත.
තරගාවලිය සදහා ක්‍රීඩක කණ්ඩායම් වශයෙන් හා ඒකල වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියාපදිංචිය මාර්තු 10 වැනි දින පෙ.ව.10.00ට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
තරගාවලිය සදහා තාඔලු  (නර්තන අංශය) තරග දුෂ්කර අභ්‍යාස ඉසව්, තුන්වන අන්තර්ජාතික වුෂූ ඉසව් ලෙස කොටස් 2 කින් යුක්ත වේ. මීට අමතරව පිළිගත් ජාත්‍යන්තර කුන්ග්ෆු (සාම්ප්‍රදායික වුලු) ඉසව් ද පැවැත්වේ. තාඔලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වයස 16 ඉක්මවා තිබිය යුතු අතර සාම්ප්‍රදායික ඉසව් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙහිදී වයස් සීමාවක් බල නොපැවැත්වේ.

පිරිමි සන්දා (ද්වන්ධ සටන්)
පිරිමි සන්දා අංශයේ තරග කි.ග්‍රෑ. 48 සිට කි.ග්‍රෑ. 90 දක්වා බර පංතීන් 11 කින් යුක්ත වන අතර, කාන්තා සන්දා ඉසව්  කි.ග්‍රෑ. 48 සිට කි.ග්‍රෑ. 75 දක්වා බර පංති 07 කින් යුක්ත වේ. සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වයස අවුරුදු 18 සපුරා තිබිය යුතු අතර, වයස අවුරුදු 40 නොඉක්මවීය යුතුය.
තරගාවලියේ ජයග්‍රාහකයන්ගෙන් මෙවර ජාතික වුෂූ පුහුණු සංචිතය යළි අරඹන බව ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය තවදුරටත් නිවේදනය කර ඇත.ඔවුන් අතරින් තේරීම් තරග ජයග්‍රහණය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම අප්‍රේල් මස 21 සිට 26 වැනිදා දක්වා චීනයේ ජියාංශු පළාතේ පැවැත්වෙන අතිරේක ලෝක වුෂූ ශූරතාවලියටත්, සැප්තැම්බර් මාසයේදීම චීනයේ මැකාවෝහි පැවැත්වෙන ආසියානු වුෂූ ශූරතාවලියටත් සහභාගි වීමට අවස්ථාව හිමි වේ.
දුරකථන අංක 0773-500075 ඇමතීමෙන් තරගාවලියේ වැඩි දුර විස්තර ලබා ගත හැකිය.