ලංකා T10 තරගාවලියට දින නියම වෙයි

ලංකා T10 තරගාවලිය දෙසැම්බර් මසයේ දී

National Cricket

135

ශ්‍රී ලංකාවේදී පළමු වරට පැවැත්වීමට  සූදානම් කර ඇති   'ලංකා T10' ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දෙසැම්බර් මසයේ  12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යෙදා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික දින දර්ශනයට අලුතින්  එකතු වන මෙම තරගාවලිය  පසුගිය වසරේදී පැවැත්වීමට සූදානම් කර තිබූවකි.
ජාත්‍යන්තර ක්‍රීඩකයින් රැසකගේ සහභාගිත්වයෙන් කණ්ඩායම් 06ක් යටතේ  තරගාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.. මෙහිදී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයක් 6 දෙනෙකු ඇතුළුව  ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුතු සංචිතයක්  යටතේ ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වේ.