නැවත ලැබූ තනතුර

අනූශ සමරනායක මහතා යලිත් වරක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට වේග පන්දු පුහුණුකරුවෙකු ලෙසින් එක් වෙයි

National Cricket

37

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරුවෙකු වන අනුෂ සමරනායක මහතා නැවත වරක් ජාතික කණ්ඩායමට වේග පන්දු පුහුණුකරුවෙකු  ලෙස පත්කර ඇත.
තවදුරටත්  ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පන්දු යවන්නන් පුහුණු කිරීමේ වගකීමද ඔහුට පැවරී ඇති තවත් කාර්යභාරයක් වේ.
වයස අවුරුදු 62ක් වන සමරනායක මහතා, මීට පෙර අවස්ථාවක දී ද මෙරට ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරුවා ලෙස  කටයුතු කර ඇත.
සමරනායක මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සාමජිකයෙකු නොවන නමුත් කොළඹ බී.ආර්.සී. ක්‍රීඩා සමාජය වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති ඔහු පළමු පෙළ තරග 11කදී කඩුලු 15ක් බිඳහලීමටලීමට සමත් වී ඇත.