සිම්බාබ්වේ පිලට මුහුණදීමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය

International Cricket

106

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් 2024 වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත  එක්දින හා විස්සයි විස්ස තරග වෙනුවෙන් ක්‍රීඩකයන් 22කින් යුතු මූලික සංචිතයක් නම් කොට ඇති බව වාර්තා වේ.  

ඒ අනුව මේ දිනවල පැවැත්වෙන අන්තර් ක්‍රිඩා සමාජ එක්දින තරගාවලියේදී ක්‍රිඩකයින් දස්කම් දක්වන ක්‍රිඩකයින්ගෙන් සැදුම්ලත් මෙම සංචිතය සදහා ක්‍රීඩකයන් 22 ඇතුලත් බවද සදහන්ය.

කෙසේ වෙතත් මෙම සංචිතය තුළින් තෝරා ගන්නා අවසන් සංචිතය ක්‍රීඩකයන් 15 දෙනෙකු දක්වා අඩු කිරීමට නියමිත අතර අවසන් සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සදහා ඉදිරියේදී යොමු කිරීමට නියමිත බවද ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කරයි. 

සිම්බාබ්වේ - ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි 20 තරගාවලිය එළඹෙන ජනවාරි 6 වනදා ආරම්භ වීමට නියමිතය. කෙසේ වෙතත් පසුගියදා නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ඇන්ජිලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, ධනංජය සිල්වා, දිමුත් කරුණාරත්න, දුෂාන් හේමන්ත, මතීෂ පතිරණ හා කසුන් රාජිත මෙම මූලික සංචිතයට ඇතුළත් කොට නැත. එසේ වුවත් වනිදු හසරංග සහ කළකට පසුව අකිල ධනංජයට මෙහිදී අවස්ථාව හිමිව තිබීම ද විශේෂත්වයකි. 


ශ්‍රී ලංකා මූලික සංචිතය

කුස්ල් මෙන්ඩිස්

පැතුම් නිස්සංක

චරිත් අසලංක

වනිදු හසරංග

සදීර සමරවික්‍රම

දසුන් ශානක

චාමික කරුණාරත්න

දුෂ්මන්ත චමීර

මහීෂ් තීක්ෂණ

අවිශ්ක ප්‍රනාන්දු

නුවනිදු ප්‍රනාන්දු

දුනිත් වෙල්ලාලගේ

ජනිත් ලියනගේ

කමිදු මෙන්ඩිස්

අකිල ධනංජය

සහන් ආරච්චිගේ

ඩිල්ෂාන් මධුසංඛ

අසිත ප්‍රනාන්දු

ප්‍රමෝද් මධුෂාන්

ජෙෆ්‍රි වැන්ඩසේ

චාමික ගුණසේකර