සනත් ජයසූරිය උපදේශක ලෙස වැඩ භාරගනියි

..............................

National Cricket

141

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයෙකු ලෙස හිටපු ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය අද (14දා) නිල වශයෙන් පත්වීම් ලිපිය භාරගෙන ඇති බව වාර්තා වේ. 

ඒ අනුව අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා අතින් මෙම තනතුරට අදාළ පත්වීම් ලිපිය සනත් ජයසූරිය වෙත පිරිණමා තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් උපායමාර්ග සැලසුම් කිරීම, තාක්ෂණික අංශ මෙන්ම පුහුණුව, පුහුණු කිරීම සහ ජාතික කණ්ඩායමේ සමස්ත සංවර්ධනය පිළිබඳ ඔහුගේ අවබෝධය ලබා දීම සනත් ජයසූරියගේ නව තනතුරේ රාජකාරිය බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම පත් කිරීමට ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතියද හිමිව තිබීමද විශේෂත්වයකි. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන සනත් ජයසූරිය යටතේ උපදේශක තනතුරේ වගකීම් ඉටු කිරීමට මේ වන විටත් කැමැත්ත පළ කර ඇති බවද සදහන්ය. 

ඒ අනුව සනත් ජයසූරියගේ මෙහෙයවීම මත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම, ජාතික ක්‍රිකට් කණ්ඩායම ඇතුළු සිටලුම ජාතික සංචිතවල වගකීම සහ උසස් ක්‍රීඩක දක්ෂතා කළමනාකරණ මධ්‍යස්ථානයේ (HPC) කටයුතු ක්‍රියාත්මක වනු ඇත.