ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන් වෙනස් වන ලකුණු !

ක්‍රිස් සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත්තුව 2024 අප්‍රේල් මාසයේදී අවසන්

National Cricket

216
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇතුලු පුහුණු කාර්ය මණ්ඩලය සදහා නව සාමාජිකයන් පත් කිරීම නුදුරේදීම සිදුවනු ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කරයි. 
මෙහිදී දේශීය පුහුණුකරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමුවනු ඇති බවද දැනගන්නට ඇත. ඒ අනුව සහාය පුහුණුකරු, වේගපන්දු පුහුණුකරු, දඟපන්දු පුහුණුකරු සහ පන්දු රැකීමේ පුහුණුකරු යන තනතුරු වෙනුවෙන් ඉදිරියේදී නව පත් කිරීම් සිදුවනු ඇති බවද සදහන්ය. ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත්තුව එළැඹෙන 2024 අප්‍රේල් මාසයේදී අවසන් වීමට නියමිත බව හෙළිවනවා. එසේම ඉන් අනතුරුව එම තරනතුර සදහා ද දේශීය එනම් ශ්‍රී ලාංකික පුහුණුකරුවකු පත් කිරීම ගැන බලධාරීන්ගේ වැඩි අවධානයක් යොමුව තිබීමද විශේෂත්වයකි. 
හිටපු නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ කාලීන උපදේශකයකු ලෙස බඳවාගනිමින්, ක්‍රීඩක දක්ෂතා ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩක සංවර්ධනයේ වගකීම්ද ඔහුට පවරා තිබෙනවා.
කෙසේ වෙතත් මේවනවිට විදෙස් පුහුණුකරුවන් දෙදෙනෙකු (පන්දු රැකීමේ පුහුණුකරු) ලෙස කටයුතු කළ ග්‍රාන්ට් ලුඩන් සහ භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් ක්ලාක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්ව ඇති අතර, ක්‍රීඩක දක්ෂතා ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ටිම් මැස්කැස්කිල් සහ ජාතික පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් යන පුහුණුකරුවන් ඉතිරිව සිටිනවා.