වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

ICC විධායක කමිටු රැස්වීම

International Cricket

296

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිව ගොස් ඇති බව වාර්තා වේ. 

ඒ අනුව එම තරගාවලිය දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විශේෂ විධායක කමිටු රැස්වීමේදී තීරණය කර ඇති බවද සදහන්ය. 

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය අවිනිශ්චිතතාවය සැලකිල්ලට ගනිමින් මේ වන විට අහමදාබාද්හිදී පැවැත්වෙන ICC මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.