තරග 20ක් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පැවැත්වීමට සැළසුම්

2024 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

International Cricket

112

එළැඹෙන 2024 වසරේදී පැවැත්වීමට නියමිතව ඇති විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඇමෙරිකාවේ නිව්යෝක්, ෆ්ලොරීඩා සහ ඩලාස් ක්‍රීඩාංගණ ද ලෝක කුසලාන සත්කාරක ක්‍රීඩාංගණ ලෙස නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ. 

එමෙන්ම මෙම තරගාවලියේ වැඩිම අවධානයක් දිනා ගන්නා තරගය වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය නිව්යෝක් නුවරදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවද සදහන්ය. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතුව තරගාවලියේ සත්කාරකත්වයට ඇමෙරිකාව සම්බන්ධ කරගෙන තිබෙන අතර එහි මාධ්‍ය වටිනාකම ලොව හොඳම රටවල් අතරට එක් වන බව ඔවුන් විශ්වාස කරනවා.

කෙසේ වෙතත් ඇමරිකාව තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් තවමත් සංවර්ධනය වෙමින් පැවතීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කනස්සල්ලට හේතු වී  ඇති අතර ඇමෙරකා එක්සත් ජනපදය  තුළ විදුලි ආලෝක ධාරා පවතින ක්‍රීඩාංගණ ඇත්තේ එකක් පමණක් වීමද විශේෂත්වයකි. කෙසෙ ් වෙතත් මෙම ගැටලු ඉක්මනින් විසඳා ගත යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට 

එසේ වුවත් මෙම තරගාවලියේ දී ඇමරිකා එක්සත් ජනපදයේ ඉහත සදහන් කළ ක්‍රීඩාංගණ තුළ තරග 20ක් පැවැත්වීමටසැලසුම කර තිබේ.