බංග්ලාදේශය පරාජය කළ ‍ශ්‍රී ලංකාවෙන් සුපිරි වාර්තාවක්

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය

International Cricket

130

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර තරගයෙන් ලකුණු 21ක ජයක් ශ්‍රී ලංකාවට හිමි විය. මෙම පරාජය හේතුවෙන් බංග්ලාදේශය මෙවර ආසියානු කුසලානයන් ඉවතට විසිවී ගියේය. 

එසේම මෙහිදී එක්දින තරග ඉතිහාසයේ තරග 13කදී අඛණ්ඩව වැඩිම වාර ගණනක් ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් දවාගත් කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම ද කැපී පෙනිණි. 

එමෙන්ම ඔවුන් අඛණ්ඩව තරග වැඩිම සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ කණ්ඩායම් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වීමටද සමත්වූයේ ජයග්‍රහණ 13ක් වාර්තා කරමින් වීමද විශේෂත්වයකි. 

එම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි විය.

ඒ අනුව, තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 257ක් රැස් කරගත්තේය. සධීර සමරවික්‍රම ලකුණු 93ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 50ක්, පැතුම් නිස්සංක ලකුණු 40ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 18ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී  ශෝරිෆුල් ඉස්ලාම් කඩුලු 02ක්, ටස්කින් අහමඩ් කඩුලු 02ක් සහ හසන් මහමුද් කඩුලු 03 බැගින් බිඳ හෙළීය.

තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 258 ක් ලබාගත යුතුවුවද පන්දුවාර 48.1කදී සියලු දෙනා දැවී බංග්ලාදේශයට ලබා ගත හැකි වූයේ ලකුණු 236ක් පමණි. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ මහීෂ් තීක්ෂණ, දසුන් ශානක සහ මතීෂ පතිරණ කඩුලු 3 බැගින් බිදහෙලීය.