ඇෆ්ගනිස්ථානය ලකුණු 2කින් පරාජය කළ ශ්‍රී ලංකාව සුපිරි 4 වටයට

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය

International Cricket

150

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 291 ක් ලබා ගත්තේය. කෙසේ වෙතත් එම ඉලක්කය පන්දුවාර 37.1කදී හඹා යෑමේ අභියෝගය (සුපිරි කණ්ඩායම් 4හි වටයට පිවිසීම වෙනුවෙන්) බාරගත් ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 37.4කදී සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 289ක් පමණි. 

මෙම තරගයේදී   ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 92 ක් ලබාගත් අතර, පැතුම් නිස්සංක ලකුණු 41 ක් රැස්කළා. දිමුත් කරුණාරත්න ලකුණු 32කටත්, චරිත් අසලංක ලකුණු 36කටත් දැවී ගිය අතර දුනිත් වෙල්ලාලගේ නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 33කි. මහීෂ් තීක්ෂණ ලකුණු 28ක් ලබා ගත්තේය. 

මෙහිදී ද අසාර්ථක වූ නායක දසුන් ශානකට ලබාගත හැකිවූයේ ලකුණු 05 ක් පමණයි.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් පන්දු යැවීමේදී ගුලාබ්ඩීන් නයිබ් පන්දුවාර 10 කදී ලකුණු 60 ක් ලබාදී කඩුළු 04 ක් දවා ගත්තා.

අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් මොහොමඩ් නබි ලකුණු 65ක් රැස්කරගත්තේ ඇෆ්ගනිස්ථාන පිතිකරුවකු වාර්තා කළ වේගවත්ම එක්දින අර්ධ ශතකය (පන්දු 24කදී) වාර්තා කරමිනි. නායක හස්මතුල්ලා ශහිඩි ලකුණු 59ක්, රහ්මත් ෂා ලකුණු 45ක්, ගුල්බදීන් නයිබ් ලකුණු 22ක් ලබා ගනිමින් දස්කම් දැක්වීය. රෂීඩ් ඛාන් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 27කි. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 4ක් දවා ගත් අතර දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින් දවා ගැනීම කැපී පෙනිනි. මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.