ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගෙන විශේෂ පුහුණුවකට ශ්‍රී ලංකා කණ්ඩායම චීනයට

2023 ආසියානු ක්‍රීඩා උළෙල

National Athletics

122

ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම විශේෂ පුහුණු කඳවුරක් වෙනුවෙන්  චීනය බලා පිටත්ව ගොස් තිබේ. 

මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 06ක් ක්‍රීඩිකාවන 03ක් සහ පුහුණුකරුවන් 02ක් ඇතුළත්ව සිටින අතර, ඔවුන් චීනයේදී සති 03ක කාලයක් විශේෂ පුහුණු කඳවුරට සහභාගී වීමට නියමිතව තිබීමද විශේෂත්වයකි.

ඒ අනුව අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පබසර නිකූ, රාජිත රාජකරුණා, පසිඳු කොඩිකාර, දිනුක දේශාන්, නදීෂා රාමනායක, ජයේෂි උත්තරා සහ සයුරි මෙන්ඩිස් යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම පුහුණුවට එක්වීමේ අපේක්ෂාවෙන් චීනය බලා පිටත්ව ගොස් තිබේ. 

මෙම විශේෂ පුහුණු කඳවුර ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ චීන මලල ක්‍රීඩා සම්මේලනය එක්ව සංවිධාන කරන අතර, ඊට චීන ඔලිම්පික් කමිටුව අනුග්‍රාහක දායකත්වය දක්වනවා.