2023 ආසියානු කුසලානනයේ සුපිරි 4 වටයට පිවිසීමට පාකිස්තානය සමත් වෙයි

නජාම් සේති ආසියානු ක්‍රිකට් බලධාරීන් දැඩි දෝෂාරෝපනයට ලක් කරයි

International Cricket

333

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය-පාකිස්ථානු මූලික වටයේ තරගය අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජය පරාජයෙන් තොරව නිමාවට පත් කිරීමට විනිසුරුවන් ඊයේ තීරණය කළ අතර මේ හේතුවෙන් කණ්ඩායම් දෙකටම එක ලකුණ බැගින් ප්‍රදානය කිරීමද සිදුවිය. 

කෙසේ වෙතත් මෙම තරගය අවසනාවන්ත ලෙස අතහැර දැමීමට සිදුවීමෙන් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල හිටපු සභාපතිවරයා, ආසියානු ක්‍රිකට් කවුන්සිල නිලධාරීන් දැඩි ලෙස විවේචනයට ලක් කර තිබීමද විශේෂත්වයකි. 

එහිදී තම සමාජ මාධ්‍ය ගිණුම වෙත පණිවුඩයක් යොමු කරමින් මෙසේ පවසා තිබූ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයා, "කෙතරම් කලකිරීමක්ද! ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම තරගය වර්ෂාව නිසා විනාශ වුණා. නමුත් මේ සම්බන්ධයෙන් අනාවැකියක් පළවී තිබුණා. PCB සභාපතිවරයා වශයෙන්, මම ACC වෙතින් ආසියානු කුසලානය UAE හි ක්‍රීඩා කරන ලෙස ඉල්ලා සිටියද ශ්‍රී ලංකාවට පහසුකම් සැලසීම සඳහා දුර්වල නිදහසට කරුණු කිහිපයක් ඔවුන් ඉදිරිපත් කළා. ඩුබායිවල රස්නෙ වැඩියි කියලා ඔවුන් කිව්වා. නමුත් අවසන් වරට 2022 සැප්තැම්බර් මාසයේදී ආසියානු කුසලානය එහි පැවැත් වූ විට හෝ 2014 අප්‍රේල් සහ 2020 සැප්තැම්බර් මාසයේදී IPL එහි ක්‍රීඩා කරන විටත් එහි උණුසුම පැවැතියා. ක්‍රීඩාවට වඩා ඉහළට දේශපාලනය පත් කිරීම ගැන සමාව දිය නොහැකි!" යනුවෙන් පවසා තිබිණි. 

එසේ වුවත් පාකිස්ථානය 'ඒ' කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු 03ක් ලබමින් මෙවර ආසියානු කුසලානයේ සුපිරි 04 වටයට සුදුසුකම් ලැබූ පළමුවැනි කණ්ඩායම බවට පත්විය. එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණක් ලබමින් ඉන්දියාව දෙවැනි ස්ථානයත් නේපාලය තෙවැනි ස්ථායත් මේ වන විට හිමි කර ගෙන ඇත.

ඒ අනුව හෙට (4දා) පැවැත්වෙන ඉන්දීය-නේපාල තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එම කාණ්ඩයෙන් සුපිරි 04 වටයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම බවට පත්වනු ඇත.

ඉන්දයා - පාකිස්තාන තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48.5 ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව වූයේ 266කි. එහිදී හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 87ක් සහ ඉෂාන් කිෂන් ලකුණු 82ක් රැස් කිරීමට සමත් විය. පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේදී ශහීන් ෂා කඩුලු 4ක් දවා ගත් අතර නසීම් ෂා සහ හාරිස් රවුෆ් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.