දෙවැනි විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සුපිරි ජයක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය

Womens Cricket

164

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ එංගලන්ත සංචාරය වෙනුවෙන් පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 08ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගැනීමට  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි විය.

ඒ ජයත් සමගින් තරග 03කින් යුත් විස්සයි20 තරගාවලිය තරග 1-1ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වීම ද විශේෂත්වයකි. එසේම ශ්‍රී  ලංකා කාන්තා කණ්ඩායමක් විස්සයි 20 ජත්‍යන්තර තරගයකදී එංගලන්තය පරාජය කළ පළමු අවස්ථාව ලෙසින් ද මෙය වාර්තා අතරට එක් විණි. 

එහිදී පළමුව ලකුණු රැස්කළ එංගලන්ත කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 105ක ඉලක්කය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සපුරා ගත්තේ පන්දුවාර 13.2කදී කඩුලු 02ක් පමණක් දැවී තිබියදී වීම කැපී පෙනිණි..

ශ්‍රී ලංකාව ජයග්‍හනය කරා රැගෙන ගිය චමරි අතපත්තු පන්දු 31කින් වේගවත් අර්ධ ශතකයක් (55) රැස් කරගත්තාය.

ඒ නිසාවෙන් තරගයේ වීරයා සම්මානය ඇයට හිමිවූ අතර හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 30ක් සහ විෂ්මි ගුණරත්න නොදැවී ලකුණු 18ක් වාර්තා කරගැනීම ද කැපී පෙනිණි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 18කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 104කි.

එහිදී චාලි ඩීන් ලකුණු 34ක් රැස් කරමින් හුදෙකලා සටනක් දියත් කළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ කවිෂා දිල්හාරි කඩුලු 02 බැගින් බිඳ දැමීය. 

 (Pic- GetteyImages )