ශ්‍රී ලංකා ක්‍රිකට් සියලු දේශීය තරගාවලි අත්හිටුවයි

..................................

Domestic Cricket

282

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන සියලු දේශීය තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළාත්, දිස්ත්‍රික් සහ අනෙකුත් තරගාවලි සියල්ල අත්හිටුවනු ඇති බවද සදහන්ය. 

ඒ අතරට 'ඒ' කාණ්ඩයේ තරග (Tier A), 'බී' කාණ්ඩයේ තරග (Tier B), ප්‍රිමියර් ලීග් තරග, ප්‍රධාන පෙළේ තරග (Major League), එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගාවලිය යන සියලු තරගාවලි වහාම නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ නිවේදනයක දක්වා තිබුණේ ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ නිර්දේශයක් මත මෙම තීරණය ගෙන ඇති බවයි.