ආසියානු කුසලාන ප්‍රවේශපත් මිලදී ගැනීමට මහනුවරදී කවුළු විවර වෙයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

National Cricket

67

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අදියරට අදාළ ප්‍රවේශපත් මිලදී ගැනීමේ අවස්ථාව සළසා දී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. 

ඒ අනුව මහනුවර බලගොල්ල අභිතා ක්‍රීඩාංගණයේදී මෙලෙස ප්‍රවේශපත් මිලදී ගත හැකි බව ක්‍රිකට් ආයතනය නිකුත් කර තිබූ නිවේදනයේ දක්වා තිබේ. අදාළ ප්‍රවේශපත් කවුළු උදෑසන 9.00 සිට පස්වරු 6.00 දක්වා සෑම දිනකම විවෘත්තව තැබෙන බවද එහි දක්වා තිබිණි. 

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ද ඇතුළු තරග 9ක් ශ්‍රී ලංකාවේදී  පැවැත්වීමට නියමිතව තිබේ