2030 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට ?

ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දිල්ලියට

International Athletics

98

 2030 වසරේදී පැවැත්වීමට නියමිතව ඇති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට ලැබීමේ වැඩි ඉඩක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ අනුව 2036 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය සඳහා ද ඉන්දියාව තරග වැදීමට සූදානමින් පසුවන අතර ඊට පෙර සූදානමක් ලෙසින් 2030 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය ලබා දීමට ඉන්දියාව සූදානම් වෙයි.
කෙසේ වෙතත් ඉන්දියාව මෙතෙක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සඳහා සත්කාරකත්වය සපයා නැත.
එසේ වුවත් 2010 වසරේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වූයේ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් නව දිල්ලිහිදීය.
කෙසේ වෙතත් 2030 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් සත්කාරකත්වය ලබා දීමේ සටනට ඉදිරිපත් වීමට මෙම මස 31 වැනිදා දක්වා කාලය ලබා දී තිබේ.