බෙනඩික්ට් විද්‍යාලය ලැබූ ජය.

බෙනඩික්ට් හා වෙස්ලි විද්‍යාල අතර පැවති කාට්මන් කුසලානය ක්‍රිකට් තරගාවලියේ ජය බෙනඩික්ට් කණ්ඩායමට

School Cricket

73

කොළඹ ශාන්ත බෙනඩික්ට්  සහ වෙස්ලි විද්‍යාලය අතර පසුගියදා (23-24) පැවැත්වුණු  කාට්මන් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය බෙනඩික්ට් විද්‍යාල කණ්ඩායම ලකුණු 46කින් ජයග්‍රහණය කිරීමට සමත් විය. පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලීය කණ්ඩායමට සියලු දෙනා දැවී ලකුණු 150ක් ලබා ගැනීමට හැකි විය.
බෙනඩික්ට් කණ්ඩායම වෙනුවෙන් ස්ටීව් ආර්ෂන් ලකුණු 42ක් ලබා ගත් අතර වෙස්ලි විද්‍යාලයේ සනිතු අමරසිංහ ලකුණු 45කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. බෙනඩික්ට් කණ්ඩායමේ පිලිතුරු ඉනිම  සදහා පිටියට පිවිසි  වෙස්ලි කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 122කට ඉනිම අත්හිට වනු ලැබීය. බෙනඩික්ට් විද්‍යාලයේ කඩුලු සටහනේ මෙවන් දිසානායක සහ යොහාන් එදිරිසිංහ අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.
  මේ වන විටත් ලකුණු 28ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කල බෙනඩික්ට් විද්‍යාලයේ පිල    ලකුණු 110කට දවා ගැනීමට වෙස්ලි විද්‍යාලයේ පිල සමත් විය .උවින් පෙරේරා ලකුණු 34කට කඩුලු 6ක් ද  සනිතු අමරසිංහ ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් වෙස්ලි විද්‍යාලයේ ලකුණු පුවරුව වර්ණවත් කලේය .
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 139ක ඉලක්කයක් සදහා පිටියට පිවිසි වෙස්ලි කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 92කට දවා ගැනීමට බෙනඩික්ට් කණ්ඩායමට හැකි විය.   බෙනඩික්ට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩක  මෙවන් සේනානායක ලකුණු 26කට කඩුලු 4ක් ද විහඟ රත්නායක සහ යොහාන් එදිරිසිංහ  කඩුලු 2 බැගින් ලබා ගනිමින් ජයග්‍රහණය බෙනඩික්ට් විද්‍යාලය සතු කිරීමට සමත් විය.