සන්රයිසර්ස් පිල මෙවර වනිදු මිලදී ගැනීම තරග දිනවන්නකු මිලදී ගැනීම හා සමානයි - අනිල් කුම්බ්ලේ

අයි.පී.එල්. වෙන්දේසිය

National Cricket

131

මෙවර අයි.පී.එල්. තරගාවලිය්දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ශ්‍රී ලංකා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මිලදී ගැනීමත් සමගින් තරඟ ජයග්‍රාහකයෙකු තම කණ්ඩායමට ලබා ගත් බව හිටපු ඉන්දීය සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අනිල් කුම්බ්ලේ පවසා ඇත. 

ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමගින් සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පලකර තිබූ කුබ්ලේ එහිදී ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් සහ ඉන්දියාවේ යුෂ්වේන්ද්‍රන් චහල් වැනි ක්‍රීඩකයින් සමඟ වනිදු සංසන්දනය කරමින් පවසා තිබුණේ වනිදු නිරන්තරයෙන් කඩුලු ලබා ගන්නා පන්දු යවන්නකු බවයි. 

එහිදී තවදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පවසා තිබූ ඉන්දියාව බිහිකළ විශිෂ්ඨතම පා දග පන්දු යවන්නා ලෙස සැළකෙන අනිල් කුම්බ්ලේ මෙසේ ද පවසා තිබිණි. 'සන්රයිසර්ස් කණ්ඩායමට පසුගිය වසරේදී අඩිල් රෂීඩ් සිටියා. නමුත් හසරංග ඔවුන්ට ඊට වඩා දේවල් ලබා දේවි. ඔහු ඉන්දියාවේ තත්වයන්ට හොදින් හුරුවී ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් හැම තැනකදිම පන්දු යවමින් සාර්ථක වී තියෙනවා. ඔහු වෙනත් දඟ පන්දු යවන්නෙකුට වඩා බොහෝ විට කඩුලු දවා ගන්නවා. රෂීඩ් ඛාන් සහ යුස්වේන්ද්‍ර චාහල් හැරුණු විට පා දඟපන්දු යවන්නන් අතරින් වැඩිම කඩුලු දවා ගන්නේ ඔහුයි. ඔහු ඕනෑම ආකෘතියදී කඩුලු ලබා ගන්නවා ඔහු තරග ජයග්‍රාහකයෙක්. ඔහුට පිතිකරණයේ යෙදෙන්නත් පුළුවන්, ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරණයේ යෙදෙන ආකාරය අපි දැක තිබෙනවා.'