ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද තරග බිමට

2023 ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට එක්වීමට ඉන්දික දිසානායක හෙට පිටත්ව යයි

Other Sports

308

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ දී කාන්තා අංශය වෙනුවෙන්  ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනා අද තරග බිමට පිවිසීමට නියසිමිතව තිබේ. 

 ඒ අනුව කි.ග්‍රෑ. 45 බර පන්තිය යටතේ ශ්‍රීමාලි සමරකෝන් සහ කි.ග්‍රෑ. 49 බර පන්තිය යටතේ හංසනී ගෝමස් මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත.

ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් අද දින සිට 17 දක්වා සෞදි අරාබියේ රියාද් නගරය කේන්ද්‍ර කර ගනිමින් මෙවර ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය පැවැත්වේ.

එම තරගාවලිය සදහා පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ පදක්කම් ලාභී ඉන්දික දිසානායක, ශ්‍රීමාලි සමරකෝන් සහ සහ හංසනී ගෝමස් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි එක්වීමට නියමිතව ඇත. ඒ අනුව හන්සිනී ගෝමස් සහ ශ්‍ක් රීමාලි සමරකෝන් පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගිය අතර  ඉන්දික දිසානායක හෙට දිනයේදී මව්බිමෙන් පටත්ව යෑමට නියමිතව තිබේ. 

 පිරිමි කිලෝ ග්‍රෑම් 73 ට අඩු බර පංතිය නියෝජනය කරමින් ඉන්දික දිසානායක මෙහිදි තරග බිමට පිවිසෙනු ඇත.