පළමු තරගයෙන් නේපාලයට එරෙහිව පාකිස්තානයට දැවැන්ත ජයක්

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

International Cricket

63

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව මෙවර තරගාවලියේ නේපාල කණ්ඩායමට සමගින් පැවැති පළමු තරගය ලකුණු 238ක ජයක් වාර්තා කර ගැනීමට පාකිස්තානය සමත් වූ අතර තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 342ක් රැස්කරගැනීමට සමත් වුණා.

එහි දී විශිෂ්ට පිතිහරඹයක නියැලුණු නායක බාබර් අසාම් පන්දු 131ක දී හයේ පහර 04ක් සහ හතරේ පහර 14ක් සමඟ ලකුණු 151ක් ද ඉෆ්තිකාර් අහමඩ් නොදැවී ලකුණු 109ක් ද, මොහොමඩ් රිස්වාන් ලකුණු 44ක් ද රැස් කළා.

කෙසේ වෙතත් ලකුණු 343ක ඉලක්කයක් හඹායෑමය පිටියට පිවිසි නේපාල කණ්ඩායමට පන්වාර 23යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 104ක් පමණයි.

එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී ශාදාබ් ඛාන් කඩුළු 4ක් දවා ගත්තා.

තරගයේ වීරයා පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම්.