ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ලකුණු 195ක පරාජයක්

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිලේ ශ්‍රී ලංකා සංචාරය

International Cricket

152

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 195ක අමිහිරි පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට සිදු විය. 

තරග 03කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි එක්දින තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඒ අනුව දෙපිලම තරග 1 බැගින් ජයගෙන සමතැන් ගෙන තිබේ. 

මෙහිදී පළමුව ලකුණු රැස්කළ කොදෙව් කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 321ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 125ක් පමණි. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් හුදෙකලා සටනක නිරතවූ මල්ෂ තරුපති ලකුණු 51ක් රැස්කර ගත්තේය. කොදෙව් පිල වෙනුවෙන් පන්දු යැවීමේදී ඉසායි තෝර්න් ලකුණු 18කට කඩුලු 03ක්ද දේශෝන් ජේම්ස් ලකුණු 30කට කඩුලු 03ක්ද දවාගැනීමට සමත්වුණා.

කොදෙව්වන් වෙනුවෙන් ජෝර්ඩන් ජොන්සන් පන්දු 79කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 03ක් සමගින් වේගවත් ලකුණු 105ක් රැස්කිරීම කැපී පෙනිණි. ඔහුට අනගි සහයක් ලබාදුන් ජෝෂුවා ඩොර්න් (56), ටාරික් එඩ්වර්ඩ් (නොදැවී 53) අර්ධ ශතක රැස්කර ගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී නායක සිනෙත් ජයවර්ධන ලකුණු 36කට කඩුලු 04ක් දවාගත්තා